Wednesday, November 16, 2016

Calling a Spade a Spade/ තිත්ත ඇත්ත !

    
    
     I often hear the Sinhalese being referred to as මහජාතිය by they themselves and by others here and abroad. It is important to realize that words and their meanings that have found their way into dictionaries and such have not got there by accident. A quick glance at the language standardization process would show that out of the many thousands of words that people who speak a particular language come up with every day only a few are set down in black and white. And it is also important to understand that every Somalatha and Piyasena we see on the road cannot determine which words out of those words that go mainstream get the seal of approval and which are branded as taboo, vulgar, etc. Whether we like it or not we must understand that it takes the support of a small group of people with an enormous amount of socioeconomic and political clout for a word to consolidate its position in the acrolect of a language. A few others may find their way into mesolects and be used of a generation or two. The majority live underground as counter-culture terms or as hush-hush words and die un-mourned within a short time. The same goes for meanings. So, what we may call commonsense when it comes to a selection of a word and/or what we assume to be the meaning of that term is actually hegemonically predetermined. Therefore, no matter how harmless they may seem to us, words are loaded with “meanings” and we must give due consideration to their socioeconomic and political implications before using them.
      Louis Althusser, I think, had done some work on this phenomenon called hailing which places the burden of responding to the hailing on the respondent. Looked at from Althusser's point of view, when the Sinhalese respond to the hailing “මහජාතිය” or refer to themselves by that term, they become the receptacles to all the connotations and denotations associated with the term. Every world order throughout human history is constructed by the minority, of the minority, and for the minority at the expense of the masses. Today’s minority neocolonialist groups, however, are more insidious in the methods they use to keep the masses down and enslaved: they who have an enormous amount of power over the standardization process of languages have resorted to the use of language as a stealth weapon against the masses. Under such circumstances, the use of the term මහජාතිය which is especially loaded to the brim with negative associations is worthy of some careful consideration.
     The term මහ implies magnitude in multiple ways: numerical, social, economic, political, etc. However the reality is that though the Sinhalese might be the numerical majority here in Sri Lanka, the so-called minorities are linked to huge groups outside the island that claim them as their own. Moreover, I am not sure whether the Sinhalese could be considered the majority even numerically as many so-called Sinhalese reject that tag and claim internationalist or even meta-nationalist status. Socially, politically, and economically, too, the Sinhalese do not have any real power in Sri Lanka. A quick study of the business and sociopolitical world of Sri Lanka would remove any doubt one may harbour on this regard. Yet contrary to the reality I see the term මහජාතියbeing repeatedly thrust on the Sinhalese today. When hailed often enough at least some of those who are hailed would fall for the trick and call themselves මහජාතිය - Gobble’s Theory - not knowing that they are being set up upon a wall like Humpty Dumpty for a great fall from which they would never recover. Many Sinhalese seem to be willfully blind to the fact that the so-called minorities and separatists use the term මහජාතිය as a psychological weapon to induce collective guilt/responsibility over any negative situation they may care to think up and debit to the account of the Sinhalese. Or that by doing so these insidious entities aim to whittle away at the will of the Sinhalese to safeguard their pride as a nation of people. [Foucault's take on how to instigate social change may offer a valuable insight on this regard.] The ultimate aim of these groups seems to be to reduce the Sinhalese into a doormat status. Very Machiavellian, don't you think?
 

This is the Sinhala translation of my note “Calling a Spade, a Spade” by my friend Samanmalee Abayasiri
මෙරටත් ඉන් පිටත් බොහෝ දෙනෙක් ශ්රී ලංකාවේ සිංහලයින් හඳුන්වන්නට 'මහජාතිය' යන පදය යොදාගන්නවා මම අසා දැක ඇත්තෙමි. වදන් ශබ්දකෝෂ තුළට ඇතුල් වන්නේ අහඹුවකින් නොවේ. යම් බසක් සම්මතිකරණය දෙස ඇසිල්ලක් නෙත සිත යොමු කළහොත් දැකගත හැකිවේවි එබසෙහි නියමාකාර වදන් ලෙස ගැනෙන්නේ එදිනෙදා මිනිසුන් මුවින් ගිලිහෙන නා නා විධ සුවහස් වදන් අතුරින් අතළොස්සක් බව. එමතුද නොවේ මේ අතළොස්සක් වදන් සුපිරිසිදු යහපත් වදන් ලෙස බසගත කෙරෙන්නෙත් අනෙකුත් වදන් ග්රාම්ය අශෝබන අශුද්ධ වදන් යැයි තීරණය කරන්නේත් අපට උදේ හවස මගතොටේදී හමුවන සෝමලතාලා හෝ පියසේන ලා නොවන වගත් සිහි කටයුතුය. අප කැමත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගත යුතු සත්යයකි යම් වදනකට විදග්ධ බස් වහරට තිර වන්නට නම් විශාල දේශපාලනික සමාජ ආර්ථික බලයක් ඇති කුඩා පිරිසකගේ තල්ලුවක් අත්යාවශ්යය. මේ කුලකයට ඇතුළුවන්නට වරම් නැතිවූ තව වදන් කිහිපයක් සාමාන්ය ජනවහරෙහි පරම්පරා කිහිපයක රැඳෙනු ඇත. .අති මහත් බහුතරය පොළෝ පත්ලෙහි රැඳෙන්නේ සංස්කෘතියට පටහැණි වදන් හෝ ඇසෙන නෑසෙන හඬින් මිමිණිය යුතු වදන් ලෙසය. එසේ පැවතී මියැදී වැළලෙන්නේ ශෝක වන්නට කිසිවෙකුද නැතිවය. වදනක අරුත වුව එවැනිය. ශබ්දයක් වදනක් වන්නේ එහි අරුතිනි. වදනක අරුත සමාජ සම්මතයකි. එය වහරෙහි සම්මතය වූයේද සමාජයේ බල කුලකයෙහි බලපෑමෙනි. අප අද අසන වදනක අරුත අප ලිහා ගත යුත්තේ මේ බල කුලකයෙහි පූර්ව විනිශ්චයන් ලෙසිනි. ඒ නිසාම ඉතා අහිංසක ලෙස අපට හැඟෙන වදනක් වුව අප භාවිතා කලයුත්තේ බොහෝ කල්පනාවෙන්, එහි දේශපාලන, සමාජ ආර්ථික ගම්යාර්ථය ගැන සිතා බැලීමෙන් අනතුරුවයි.
 ලුවී ඇල්තුසර් නම් ප්රංශ මාක්ස්වාදී දාර්ශනිකයාට අනුව යමෙක් තමා හඳුන්වාගන්න නාමයෙහි බර දැරිය යුතුවේ. ඔහුගේ දර්ශනයට අනුව සිංහලයින් තමන් 'මහජාතිය' ල් එස හඳුන්වාගන්නේ නම් හෝ අනෙකෙකු එසේ හඬගෑමේදී එයට ප්රතිචාර දක්වයි නම් ඒ නාමය හා සබැඳි ධ්වනිතාර්ථ මතුද නොව ව්යාංගාර්ථවලටද සියලු දැනවීම්වලටද ධාරකයක් විය යුතුය.ලෝකයේ සෑම ධර්මතාවක්ම ගොඩනගා ඇත්තේ සුළුතරයක් විසින් - සුළුතරය පිළිබඳව හා සුළුතරය සඳහාමය. එයින් බොහෝවිට පීඩාවට පත්වූයේ බහුතරයයි. අද අප අතර ඇති යටත්විජිත මානසිකත්වයෙන් හෙබි සුළුතරය බහුතරය අල්ලේ නටවන්නේ ඉතා කූට උපක්රම භාවිතාරමිනි. බස හා පදරුත් පසිඳලීමෙහි හා හැසිරවීමෙහි මහා බලයක් ඇති මේ කොටස බස යොදාගන්නේ බහුතරය මඩින ගුප්ත අවියක් ලෙසයි. මෙවන් වාතාවරණයක් තුළ ඍණ ආකල්ප ආලේපන වලින්ම පින්තාරු කල 'මහජාතිය' යන පදය ඉසියුම්ව ලිහා බැලීම වටී.
 'මහ' යන පදය නන් අයුරින් සුවිසල් යන අරුත් දේ. ඒ අර්ථ දැක්වීම් සංඛ්යාත්මක, සමාජීය, ආර්ථික හෝ දේශපාලනික විය හැක. සිංහලයින් මහජාතිය ලෙස හැඳින්වෙන්නේ ලංකාවේ සිංහල ගහණය වැඩි නිසා වියයුතුයි. ගහණයක් වශයෙන් සංඛ්යාත්මකව ගත් කල සිංහලයන් බහුතරය ලෙස සැළකිය හැකිවුවත් සුළුතරය ලෙස හඳුන්වාගන්නා පිරිස හා සබැඳි විදෙස් කණ්ඩායම්ද අති විශාලය. එමතුද නොවේ, සිංහලයින් සංඛ්යාත්මකව වුව මෙරටෙහි බහුතරය යැයි සිතිය හැකිදැයි සැකයකි. මන්ද නාමමාත්ර වශයෙන් සිංහල ඇතමෙක් තමන් සිංහල ජාතියට අයත් බව කියන්නට පැකිලෙන බැවිනුත් තමන් ගෝලීයයෙක් නැතිනම් සර්ව ජාතිකයෙක් ලෙස හදුන්වන බැවිනි. අන් අරුත් වලින් එනම් සමාජ ආර්ථික දේශපාලනික වශයෙන් ගත්තද ශ්රී ලංකාවේ මහජාතිය ලෙස සිංහලයින් හැඳින්වීම නිවැරදිද? ඔවුනට එවන් බලයක් එහි හැබෑවටම තිබෙනවාද? ලාංකික ආර්ථික දේශපාලනික හා සමාජීය තත්වය පිළිබඳ ඉතා ලුහුඬු අධ්යයනයකින් පසු වුවද පසක් වන්නේ මෙය නොවේද?යථාර්තය මෙයම වුව 'මහජාතිය' යන නාමය සිංහලයින් හට නිරතුරුව පටබැඳෙණු දැකිය හැක.මෙසේ මෙතරම්ම මේ නමයෙන් හැඳින්වෙන කල ඇතමෙක් මේ මළපුඩුවෙහි වැටෙති. එසේ වූවන් තමන් 'මහජාතිය' ලෙස හඳුන්වාගන්නේ හයියක් නොමැති මුරුංගා අත්තක තමා යවනවා යැයි අනවබෝධයෙනි. යළි පුරුද්දණු නොහැකි ලෙස කැඩී විසිරී යාමට මින් බිමට වැටුණු කල ඔවුනට සිදුවේ යැයි ඔවුහූ නොදනිති.සුළුජාතීන් යැයි කියාගන්නා පිරිස් හා බෙදුම්වාදී කණ්ඩායම් මේ නාමය සිංහලයන්ට එරෙහිව භාවිතා කරන කූට අවියක්ය යන දැක්මට ඇතැම් සිංහලයෝ ඉච්ඡාවෙන්ම අන්ධවෙති. එය අන්යයින් සිංහලයින් මත අනවැසි මහත්වූ වරදකාරී බවක් පටවන්නට හා මානසික වද බන්ධනයන් දෙන අනුන් ගේ කිළි තමන් මත පටවන වෑයමක් බව හඟින්නට ඔවුහූ පැකිළෙති. මේ මගින් ඔවුන් තවද අරමුණු සාක්ෂාත් කරගනිති. ජාතියක් වශයෙන් සිංහලයින් හට තම අභිමානය රැකගැනීම වරදක් සේ හැඟවීම ඉන් ප්රධානම එකකි. ( සමාජ විපර්යාස ප්රරෝචණය කරන්නේ කෙලෙසදැයි යන මැයින් වන ෆෝකල්ට් ගේ දැක්ම මේ තත්වය අවබෝධ කරගැනීමට රුකුලක් වනු ඇත ) මේ සියල්ලෙන් ඔවුන්ගේ පරමාර්ථය වන්නේ සිංහලයා සිය මවු බිමේදීම පාපිස්නක් තරමේ පහළට ඇද දැමීමයි. මෙය කෙතරම් ශූර හා කූට රාජ්යතාන්ත්රික සටකපට කමක්ද?

No comments:

Post a Comment

A discussion on මතක මග මගහැර by Sandya Kumudini Liyanage

By Anupama Godakanda                                 anupamagodakanda@gmail.com